රටට ජනතාවට වැරදි දේ කර කර බලයේ රැඳී සිටීම පලක් නැත යන්න ජනාධිපතිවරයාගේ මතය බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසයි.
එලෙස වැරදි කරමින් බලයේ රැඳී සිටීමට වඩා ගෙදර යාම හොඳ බව ජනාධිපතිවරයාගේ අදහසය.
පී.බී. ජයසුන්දර මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැකි හමුවකදීය.