තේ සඳහා රසායනික පොහොර ලබා දීමේ තීන්දුවක්…!

October 13, 2021 at 12:17 pm | by emanisa.lk

තේ සඳහා සුදුසු පොහොරක් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

තේ ගොවියාගේ ගැටලුව විසඳීම සඳහා රසායනික පොහොරක් ලබා දෙන බව අද (13) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජන වරමෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන බවත් රජය කාබනික පොහොරවලට මාරු වීමේ උත්සාහය අත්හැර නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *