රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වෙයි…! පළමු ගුවන් යානය ලබන මස මාලදිවයිනට…!

October 7, 2021 at 8:46 am | by emanisa.lk

නොවැම්බර් මාසයේ මැද වන විට රත්මලාන ගුවන්තොටුපළින් කලාපීය අන්තර්ජාතික ගුවන් ගමන් ආරම්භ කිරීමට සංචාරක අමාත්‍යංශය සූදානම් වෙයි.

ඒ අනුව ලබන මස මැද දී රත්මලාන ගුවන් තොටුපළේ සිට පළමු ගුවන් යානය මාලදිවයින දක්වා ගමන් කිරීමට නියමිතය. රත්මලාන ගුවන්තොටුපළේ සිට මෙලෙස කලාපීය ගුවන් ගමන් ආරම්භ කරනුයේ දශක පහකට පසුවය.

ඒ අනුව ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය අන්තර්ජාතික ගුවන්තොටුපළක් ලෙස රත්මලාන ගුවන්තොටුපළ දියුණු කිරීමට නියමිත බව ද සංචාරක අමාත්‍යංශය පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *