සමගි ජන බලවේගය තුළ කිසිදු ගැටුමක් නොමැති බවත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඉදිරියට ම යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
පසුගිය මැතිවරණයේ දී සමගි ජන බලවේගය ආසන 54ක් දිනාගත්තේ විපක්ෂ නායකතුමා කෙරෙහි රටේ ඇති කීර්තිය නිසා බව සියලු දෙනා පිළිගත යුතු බව ඔහු අවධාරණය කරයි.
කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණු තමන් ආසන පනස් ගණනක් දිනා ගත්තේ සජිත් සජිත් මන්තරයෙන් බවයි, කිරිඇල්ල පෙන්වා දෙන්නේ.
අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව ප්‍රකාශ කළේය.