ආණ්ඩුවට ඡන්දය දුන්නේ 69 ලක්ෂයක් ජනතාවගෙන් යම් පිරිසක් කලකිරී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
නමුත් 69 ලක්ෂයෙන් 69කට වඩා නම් තවමත් ආණ්ඩුව සමඟ සිටින බව ද හෙතෙම පැවසීය.
ව්‍යාපාරික මාෆියාව විසින් සහල් මිල වී මිල තීරණය කරන විට ආණ්ඩුවක් අවශ්‍ය නැත වැනි හැඟීමක් එන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එනිසා වෙළඳුන්ට උවමනා ලෙස රට හසුරුවන්න ඉඩ නොදෙන්නැයි වගකිව යුතු ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමත් යම් මට්ටමකට මිල පාලනය කිරීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.
මාධ්‍යවේදීන් වෙත කොළඹදී අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.