ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.
ජනාධිපතිවරයා ගත් එම තීරණය හොඳ පියවරක් බව ද හෙතෙම සඳහන් කළේය.
දෙමළ ජනතාවගේ මහජන නියෝජිතයන් වශයෙන් තම කණ්ඩායම සමග සාකච්ඡා කර එම ජනතාවගේ ගැටළු විසඳීමට කටයුතු කරන්නැයි සෑම අවස්ථාවක දී ම ඉල්ලා සිටිය ද එම ඉල්ලීම මේ දක්වාම හරියාකාරව ඉටු නොවුණු බව සුමන්දිරන් ප්‍රකාශ කළේය.
දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකයේ බොහෝ රටවල විසිරී සිටින බවද ඔහු පැවසුවේය.