එදා වේල හම්බ කරගෙන කෑ ජනතාව අනාථයි…! ආණ්ඩුව දිගට ම රට වහන එකට ජනතාව පිළිතුරු දේවි…! – මනූෂ…

September 17, 2021 at 5:34 pm | by emanisa.lk

රට සති තුනක් විද්‍යාත්මක ලෙස වසා දැමීමට මිස දිගට ම වසා දමන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා නොසිටි බව මනූෂ නානායක්කාර පවසයි.

පොදු ප්‍රවාහන සේවා පමණක් ගමන් නොකරන කඩවල අඩක් ඇර ඇති රට වසා දැමීමකින් කොවිඩ් පාලනය කළ නොහැකි බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

නිවැරදි ලෙස රට වසා නොදැමූ නිසා අපේක්ෂිත ආකාරයට කොවිඩ් ආසාදිතයින් සහ මරණ ප්‍රමාණය සීමා කර ගැනීමට අසමත් වූ බවට ඔහු චෝදනා කරයි.

රට වසා දැමීමෙන් දුෂ්කරතාවට පත්වන්නේ රජයේ රැකියා කරන හෝ පෞද්ගලික අංශයේ රැකියා කරන පිරිස නොව එදා වේල හම්බ කරගෙන කන පිරිස බවත් ඔවුන්ට අද රු. 5000 හෝ 20000ක් නොමැති බවත් මනූෂ නානායක්කාර සඳහන් කරයි.

ඒ නිසා මෙලෙස දිගින් දිගට ම රට වසා දැමීම නිසා අසීරුතාවට පත්වන ජනතාව තීන්දුවක් ගනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස