වනජීවි අමාත්‍ය විමලවීර දිසානායකට අම්පාර ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඊයේ (14) දැඩි විරෝධයකට මුහුණපෑමට සිදුවිය. ඒ අම්පාර මහ වැව ආශ්‍රිතව මිරිදිය ධීවර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේය.
මෙම ව්‍යාපෘතිය නිසා තම කුඹුරුවලට ජලය අහිමි වන බව පවසමින් ගොවීහු මෙම විරෝධතාව දියත් කළහ.
කෙසේ වුව ද අනතුරුව පොතුවිල් මුහුදු මහ විහාරයට ගිය රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය මගින් පිරිසකට අලුත් රැකියා අවස්ථා නිර්මාණය කර දෙන බවත් තමන්ට හූ කී පිරිස මනුස්සයින් නොව දෙපා සතුන් විය යුතු බවත් ය.