නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ….! තවත් සති දෙකකට රට වසා දැමේ…!

September 2, 2021 at 1:15 pm | by emanisa.lk

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා (06) දින සිට දීර්ඝ කිරීම පිළිබඳ හෙට (03) දිනයේ දී කොවිඩ් -19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් තීරණය කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

දිවයින පුරා දැනට පවතින අගුලු දැමීම තවත් සති 2කින් දීර්ඝ කළ යුතු බව ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අවධාරණය කළා ය.

අගෝස්තු 20 දින පනවා තිබූ දින 10 ක අගුලු දැමීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කළ අතර දැනට පවතින අගුලු දැමීම ඔක්තෝබර් 2 දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.

අගුලු දැමීම සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *