එළැඹෙන සැප්තැම්බර් 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ අනුව කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ඉන්දියානු ජාතිකයන්ට එළැඹෙන සතියේ සිට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකිය.
ඒ අනුව සැප්තැම්බර් 01 වැනිදා සිට කොළඹ සහ ඉන්දියාවේ ගමනාන්ත 03ක් වෙත සංචාරකයන් වෙනුවෙන් ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මෙම ව්‍යාපෘතිය පිළිබඳ මෙසේ ද සඳහන් කළේය.
“මෙම පිරිසට ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්වෙන්න සිදුවෙනවා. ඒකෙන් ආසාදිතයෙක් නොවන බව තහවුරු කෙරෙන පිරිසට රටේ සංචාරය කරන්න පුළුවන්.
නමුත් ඔවුන් අනිවාර්යයෙන්ම තරු තුනේ මට්ටම සහ ඊට ඉහළ මට්ටමේ හෝටල්වල නතර විය යුතුයි. දැනට ඔවුන්ට සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මාසයක කාලයක් සඳහා වීසා ලබා දීම සිදුකෙරෙනවා.”