කොවිඩ් නෙමෙයි මේ වෙලාවේ වෙන ලෙඩක්වත් හදාගන්න එපා…! රෝහල් ටික දුවන්නේ හරි ම අමාරුවෙන්….!

August 20, 2021 at 5:41 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය උත්සන්න වීම හේතුවෙන් දිනපතා රෝගීන් විශාල ප්‍රමාණයක් රෝහල්ගත කරන බව වෛද්‍යවරු පවසති.

මේ නිසා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ පෙන්වා දෙයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ කිසිදු ආකාරයක රෝගයකට ගොදුරු නොවී සිටීමට ජනතාව සියලු පියවර ගතයුතු බවයි.

සාමාන්‍ය රෝගියෙකුට පවා ඇඳන් සෙයා ගැනීමේ අපහසුතාවකට රෝහල් බලධාරීන් මුහුණ දී සිටින බව ද වෛද්‍යවරයා සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *