කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අද (17) තහවුරු වූ පිරිස 3,555ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 365,629ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,283ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 314 ,340ක් විය.
මේ අතර ඊයේ (16) දින කොවිඩ් ආසාදිත මරණ 171ක් වාර්තා වූ ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඊට පිරිමි 102ක් සහ ගැහැනු 69ක් ඇතුළත් බව එහි වැඩි දුරටත් සඳහන් ය.