පා ගමනින් පළාත් සීමා පනින අය අත්අඩංගුවට ගන්නවා…! අනුබල දෙන බස් රියදුරන්ටත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා….!

August 17, 2021 at 9:49 am | by emanisa.lk

බස් රථවලින් පළාත් මායිම් වෙතට ළඟා වී අනෙක් පළාත් වෙත පාගමනින් යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් අරඹා තිබේ.

එසේ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හා ඊට අනුබල දෙන බස් රියැදුරන් හා කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ පැවසීය.

පොදු ප්‍රවාහන සේවාවලට හෝ අතවශ්‍ය සේවා හැර අන් කිසිවෙකුට පළාත් මායිම් හරහා ගමන් කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.

සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළාත් මායිම්වල විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර සියලු අතුරු මාර්ග, පාලම් ආවරණය වන පරිදි මාර්ග බාධක, පොලිස් සංචාර යොදවා ඇති බව ද ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස