නැවත එජාප ආණ්ඩුවක් එනතුරු ජනතාව ආශාවෙන් බලා ඉන්නවා…! – සමන් රත්නප්‍රිය….

August 10, 2021 at 8:44 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය නැවත බලයට එන තුරු ජනතාව ඉතා කැමැත්තෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ මූලික සංවිධායකත්වයෙන් රට පුරා ආසන මට්ටමින් පැවැත්වෙන “මහජන සභාව” වැඩසටහන් මාලාවේ පළමු මහජන හමුව අමතමින් සමන් රත්නප්‍රිය මේ බව සඳහන් කළේය.

මහජන සභාව වැඩසටහන් නවයක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර දිවුලපිටිය ආසනය කේන්ද්‍ර කරගනිමින් ජනතාව අතරට ගොස් පෙරේදා (08) පැවැත්වුණේ එහි දසවන වැඩසටහනයි.

ගමේ පවතින ප්‍රශ්න ගමේ ජනතාවගෙන්ම විමසා දැන ඊට විසඳුම් ලබාදීමේ ප්‍රතිපත්ති සකස් කිරීම මෙම වැඩසටහන් මාලාව ප්‍රධාන අරමුණයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *