කොවිඩ් රෝගීන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල් පිරී යමින් පවතින බැවින් ඇතැම් රෝහල්වලට රෝගීන් භාර ගැනීම නතර කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කොළඹ ජාතික රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටු දහය මෙන්ම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු දහතුන ම මේ වන විට රෝගීන්ගෙන් පිරී පවතියි.
කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිත කළ රෝහල්වල ඇඳන් 13000ක් තිබූ අතර ඉන් පසු ඇඳන් 37000ක් ධාරිතාවක් දක්වා වැඩි කරන ලදී.
දිවයින පුරා ස්ථාපිත කළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් 16022 පවතින අතර ඊයේ (02) උදෑසන වන විට ඇඳන් 14,000ක රෝගීන් සිටි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරයි. රෝහල් දැඩි සත්කාර ඒකකවල ඇඳන් 650ක් ඇති අතර එම ඇඳන්වලින් බහුතරය පිරී පවතියි.