පෞද්ගලික විශ්වවිද්‍යාල 20වත් අපේ රටට උවමනා බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
විදෙස් විශ්වවිද්‍යාලවල උපාධි ලබා ගැනීමට අපේ සිසු දරු දැරියන් දහස් ගණනක් වාර්ෂික විශාල ධනස්කන්ධයක් පිට රටවලට රැගෙන යන බවත් ඒ දරුවන් වෙනුවෙන් රට තුළ විශ්වවිද්‍යාල ඉදිකිරීමේ වරද කුමක් දැයි එහිමියෝ විමසති.
මැදපෙරදිග වහල් සේවයට කාන්තාවන් යැවීම වෙනුවට මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල ඔස්සේ හෙදියන් පිටරට යැවීම සඳහා පුහුණුව සහ උපාධි ලබා දිය හැකි බව පවසන ඥානසාර හිමි ඒ සඳහා එරෙහි වන්නේ නිලධාරීන් බවට චෝදනා කරයි.
රජයේ විශ්වවිද්‍යාල මුදානොගත් ප්‍ර දේශ බවට පත්ව ඇති බවත් එහෙයින් කොතලාවල පනත එලෙස ම සම්මත කර මේ රටේ නව විශ්වවිද්‍යාල පද්ධතියක් ආරම්භ කළ යුතු බව ඥානසාර හිමියෝ අවධාරණය කරති.
එසේ නොමැතිව ළිං මැඩියන් සේ මේ රට තුළ උද්ඝෝෂණවලට යට වී වැඩ නතර කළහොත් කිසිදාක රට දියුණුවක් ඇති නොවන බව උන් වහන්සේ පෙන්වා දෙති.