පොල් වගාවට පොටෑසියම් යොදා ගැනීමට නොහැකි වීම ප්‍රධාන ප්රශ්නයක්ව තිබූ හෙයින් මියුරේට් ඔෆ් පොටෑෂ් ආකාරයට පොටෑසියම් ආනයනය කිරීමට අවසර ලැබුණු බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසයි.
යූරියා පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර නයිට්රජන් සපයා ගැනීම සඳහා පොල් ගසේ අමතර කොටස්, ගොම පොහොර, කුකුල් පොහොර සහ ගිනිසීරියා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.