මහ බැංකු හොරු අල්ලන්න ආව ආණ්ඩුව, බැඳුම්කර හොරුන්ට අරක්කු ලයිසන් දුන්නා…! – මරික්කාර්….

July 5, 2021 at 1:51 pm | by emanisa.lk

ආණ්ඩුව මහ බැංකු හොරු අල්ලන බවට පොරොන්දු වුව ද අද මහ බැංකු හොරුන්ට නැවතත් අරක්කු ලයිසන් ලබා දෙන තැනට ආණ්ඩුව පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

මේ වන විට අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම රු. බිලියන 19.08ක් මේ වන විට රජයට ණය බවත් මන්ත්‍රීවරයා හෙළිකරයි.

සුරාබදු දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, මහජන බැංකුව, ලංකා බැංකුව, පීපල්ස් ලීසිං සමාගම ආදී රාජ්‍ය ආයතන ගණනාවකට මෙම ණය මුදල අයවිය යුතු බව මරික්කාර් පවසයි.

මෙම මුදල් නොගෙවීම නිසා මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු 2018 වසරේ නතර කළ අතර එම ණය ගෙවීම සඳහා සමාගම සතු වත්කම් ප්‍රමාණවත් නොවන බව අධිකරණය තීන්දු කර තිබේ.

කෙසේ වුව ද එම ණය මුදල කොටස් වශයෙන් පියවීමේ කොන්දේසියට මත මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අනුමැතිය දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *