සහරාන් හෂීම්ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදුන් සහ ඔහු ඇතුළු පස් දෙනකුට රැකවරණය ලබා දුන් ඔලුවිල් ප්‍රදෙශයේ විවාහ රෙජිස්ටාර්වරයකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය කියයි.
2017 වසරේ දී සහරාන් ඇතුළු පස් දෙනකු කාත්තන්කුඩි අලියාර් ප්‍රදේශයේ දී පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර එම පිරිස ඔවුන්ගේ මතයට එරෙහි පිරිසක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.
සහරාන් ඇතුළු පස් දෙනා එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සැඟව සිට ඇත්තේ ඔලුවිල් ප්‍රදේශයේ ඉහත රෙජිස්විටාර්ගේ නිවසේ බවද හෙතෙම කියයි .
මෙම විවාහ රෙජිස්ටාර් සහරාන් ඇතළු සැකකරුවන් පස් දෙනා ඔහුගේ නිවසේ රඳවාගෙන අන්තවාදය සඳහා ආධාර අනුබල ලබා දීම සිදුකර ඇති බවද පොලිසිය කියයි.
විවාහ රෙජිස්ටාර්ගේ නිවසේ සැඟව සිටි සැකකරුවන් පස් දෙනාගෙන් දෙදෙනෙකු මවුලවීවරුන් වන අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය රඳවාගෙන ප්‍රශ්න කරන අතර සහරාන් ඇතුළු සෙසු තිදෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් බව ද අජිත් රෝහණ සඳහන් කරයි .
අත්අඩංගුවට ගත් රෙජිස්ටාර් මඩකලපුව ත්‍රස්ත ක්‍රියා අනු කොට්ඨාසයේ රඳවා සිටින අතර ඔහු කොළඹට රැගෙන ඒමට නියමිතව ඇත.