මේ වසරේ පසුගිය මාස හතරේ දී ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය 13%කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඊට සාපේක්ෂව මත්ස්‍ය ආනයනය 48%කින් පහත වැටී ඇති බව ය.
එය මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
වසර අවසාන වන විට රු. මිලියන 300ක් වටිනා මත්ස්‍ය තොග අපනයනයට බලාපොරොත්තු වන බව ද හෙතෙම පවසයි.