ලංකා බැංකුව විසින් රු. බිලියන 3.8ක් වටිනා වාහන ආනයනයට සූදානම් වන බව වාර්තා වෙයි.
ඒ ලෑන්ඩ් කෘසර් වර්ගයේ රථ 227ක් සහ ඇම්බියුලන්ස් 50කි.
මෙම වාහන රාජ්ය පාවිච්චිය සඳහා ආනයනය කරන බව සඳහන් කර තිබේ.
කෙසේ වුව ද මේ වන විට සියලු වාහන ආනයනය නවතා දමා ඇති අතර රාජ්ය ආයතන සඳහා 2023 වන තුරු අලුත් වාහන මිලයට ගැනීම ද ජනාධිපතිවරයාගේ නියෝග මත නවතා දමා තිබේ.