වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 150ක් ලැබුණු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
එහෙත් නිල ඡන්ද ප්රතිඵල ලෙස ප්රකාශයට පත් වූයේ ඊට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු බව යැයි එම පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කතානායකවරයා වෙත ලිපියක් ලියමින් පෙන්වා දෙයි.
පනතට පක්ෂව ඡන්දය ප්රකාශ කළ ඒ.එම්.යූ. අලි සබ්රි සහ ජයරත්න හේරත් යන මන්ත්රීවරුන්ගේ ඡන්ද අවසාන ප්රතිඵලයට එකතු වී නොමැති බව එහි සඳහන් වෙයි.
සුවිශේෂ පනතක් 2/3 සම්මත වූ අවස්ථාවක එම ප්රතිඵලය විකෘති කර ප්රකාශයට පත් කිරීම පිළිබඳ වහා ම පරීක්ෂණයක් පවත්වන ලෙස එමගින් කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.