පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ සතුව පැවැති තොරතුරු රටට ලබා දුන්නේ එම ප්‍රහාරය වළක්වා ගැනීමේ හැකියාව තමන්ට තිබූ බව සහරාන්ලා දෙවන ප්‍රහාරය සඳහා අවශ්‍ය බෝම්බ තැනීම සඳහා උවමනා බඩු තොගය කොළඹ සිට කාත්තන්කුඩි දක්වා රැගෙන ගිය ලොරි රථයේ රියදුරු විතානගේ ශාන්තලාල් පවසයි.
දෙවන ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා සියලු තොරතුරු බුද්ධි අංශ වෙත තමා ලබා දුන්න ද එම තොරතුරු පවා නිසි ලෙස කළමනාකරගෙන ප්‍රහාරකයින් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ අසමත් වූ බවට ඔහු චෝදනා කරයි.
තමා රැගෙන ගිය බඩු කාත්තන්කුඩියේ ගබඩා කළ නිවෙස්වලට එකවර කඩා වැදුණේ නම් සයින්දුමරදුවල දී බෝම්බ පුපුරුවා ගත් සහරාන්ගේ මල්ලි වන රිල්වාන් ඇතුළු සියලු දෙනා ජීවග්රහයෙන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන බව ශාන්තලාල් අවධාරණය කරයි.
එසේ නම් අද අභිරහසක්ව පවතින සාරා ඇතුළු සියලු පාර්ශ්ව පිළිබඳ තොරතුරු රටට හෙළිදරව් වන බව ද ඔහු ප්‍රකාශ කරයි.