නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකි.
මිනිසුනි ! වංචාව බොරුව මත රටක් දුවන්නේ ‘බහුතරය’ මිත්‍යාවට දැඩි කැමැත්තක් දක්වන තරමට මනසින් අන්ධ වී ඇති නිසාය. එහෙම නොවන්නට ඝෝඨාභය සෞභාග්‍යයේ දැක්මක් පෙන්වා රටම වංචා කර ඉන් අනතුරුව නීතියේ ආධිපත්‍ය යටපත්කර අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කර තමන් හමුවේ දණගස්වා, නිදහසේ පොදු දේපළ වංචා කිරීම සඳහා 20 ක් සම්මත කරන්නට කොහෙත්ම පෙළඹෙන්නේ නැත.
විනයක්, නීතියක් ගරු නොකරන රජයක් නීතිය එසේ ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරන විට ලාභය මත සියල්ල සැලසුම් කරන ව්‍යාපාරික ප්‍රජාවෙන් නීතියේ ආධිපත්‍ය ගරු කිරීමක් ඔබ අපේක්ෂා කරන්නේ නම් එය විහිළුවක් පමණි.
මැලිබන් බිස්කට් සමාගම මෙයට හොඳම උදාහරණයකි. වෙළඳ දැන්වීම්වලින් ලෙමන් ගොඩක් පෙන්වා රියල් ලෙමන් ක්‍රීම් වලින් නිෂ්පාදනය කර ඇති බවට පාරිභෝගිකයා වංචා කරමින් මැලිබන් ලෙමන් පෆ් බිස්කට් ලංකාවේ පාරිභෝගිකයාට අලෙවි කරන්න එම සමාගම පෙළඹී සිටින්නේ අන් කිසිම හේතුවක් නිසා නොව සමස්ථයක් වශයෙන් රටේ නීතිය හා විනය සම්පුර්ණයෙන් බිඳ වැටෙන තරමට රාජ්‍ය තන්ත්රණය අකර්මණ්‍ය වී ඇති හෙයිනි.
පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නීතිගත ආයතන වශයෙන් පිහිටුවා ඇති ප්‍රමිති ආයතනය හා පාරිභෝගික කටයුතු අධිකාරිය රටේ ජනතාව ආරක්ෂා කිරීමට තමන්ට පැවරී ඇති වගකීම සම්පුර්ණයෙන්ම පැහැර හරිමින් කැලේ නීතිය රජකරවීම වෙනුවෙන් පෙනී සිටින දුෂිත දේශපාලන අධිකාරිය හමුවේ දනින් වැටෙන්නේ එහෙයිනි.
එම සමාගමම එම බිස්කට් යුරෝපයේ සහ කැනඩාවේ අලෙවි කරන විට නීතිය අකුරටම පිළිපදිමින් පාරිභෝගිකයාට සත්‍ය ප්‍රකාශ කරමින් තම ව්‍යපාර කටයුතු කරන්නේ එම රටවල විනයක්, නීතියක් ඇති හෙයිනි. මේ සරළ උදාහරණයෙන් පෙන්වන වෙනස දැන්වත් හඳුනා ගනිව්! නීතියක් නැති රටක මහජනයා ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිම පැකිලීමක් නැතිව පෙනී සිටින නාගානන්ද යටපත් කිරීමට බිලියන ගණනින් වන්දි ඉල්ලා නඩු පවරන්නේ පවතින දුෂිත ක්‍රමවේදය පවත්වාගන යාමට එවැනි පුද්ගලයන් දැඩි භියෝගයක් වන හෙයින් බව දැන්වත් නුවනින් දකිව්!
දැඩි සන්තාපයෙන් මිදී රට නිවැරදි මාර්ගයකට අවතීර්ණ කර අනාගත පරපුරට රටක් ඉතිරි කිරීමට නුඹලා අපේක්ෂා කරන්නේ නම් වහ වහා මිත්‍යාවෙන් මිදෙව් ! කිසිම හේතුවකට දේශපාලන අධිකාරියේ කිසිවකු හමුවේ තවදුරටත් දනින් නොවැටීමට අදිටන් කරව් ! පන්සිල් (සත්ව හිංසා හා ඝාතන, දුෂණය (ජනයාගේ විශ්වාසය මත තමන් දරන ධුරය තමන්ට හෝ වෙනත් අයකුට වාසියක් හෝ ලාභයක් ලබා දීමට අවභාවිතා කිරීම) හොරකම, වැරදි කාමය, බොරුව හා වංචාව සහ සියලු මත්ද්‍රව්‍ය භාවිතය) රැකීමේ වැදගත්කම නුවනින් දකිව් ! පොදු යහපතට හේතුවන ඉඳුරන්ගේ එම සංවරයට කිසිම ආගමක් හෝ ජාතියක් අදාළ නොවන බව නුවනින් දකිව් ! නීතිය සදාචාරය ගරු නොකරන තාක් දුරට නුඹලාට කිසිම පැවැත්මක් නැති බව පසක් කරව් ! රටේ විනාශය පෙනී පෙනී නිවට කමට හැකිලී සිටීම තෝරාගන්නා නුඹලා අනාගත පරම්පරාවේ ශාපයට ලක්වන බව දනිව් !