නිරෝධායනය කඩන්නන් කුදලං යාම අලි ලෙඩක් වෙයි….! වහා ම නවතා දැමේ….!

May 15, 2021 at 8:24 am | by emanisa.lk

මුව ආවරණ නො පැලඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවා ගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු බව තීන්දු කර තිබේ.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විශේෂ චක්‍රලේඛයක් මගින් මේ බව සියලු ම උසස් පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙලෙස පුද්ගලයන් ඔසවා ගෙන යාමේ දී ඔවුන් අතර ආසාදිතයකු සිටියහොත් පොලිස් නිලධාරීන්ට ද එය ආසාදනය වීමට අවදානමක් ඇති නිසා මෙම පියවර ගත් ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එසේ ම මෙලෙස අත්අඩංගුවට ගන්නා පිරිස එක ම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට ඒ ආසාදනය වීමේ හැකියාවක් ඇති බවට ද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *