රාජ්‍ය වෙසක් උලෙළටත් කොවිඩ් තර්ජන…..! අත්හිටුවයි….!

May 8, 2021 at 11:00 am | by emanisa.lk

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එය යාපනය – නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබිණි.

එහෙත් සීමිත පිරිසක් සහභාගි කර ගනිමින් එය සංකේතාත්මකව කොළඹ දී පැවැත්වීමට අවධානය යොමුව ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *