ශ්‍රී ලංකා ගුවන් හමුදාව අලුතින් රුසියානු හෙලිකොප්ටර් මිලට ගත්තේ ශ්‍රී ලංකා රුසියානු යුද උපකරණ ණය ගිවිසුම යටතේ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ පවසයි.
එම යානා ශ්‍රී ලංකා හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කටයුතු යෙදවීම සඳහා උවමනා බවත් මිලට ගන්නා යානාවලට අදාළ ණය මුදල් පියවනු ලබන්නේ එම මෙහෙයුම් සඳහා එක්සත් ජාතීන් ගෙවන මුදල්වලින් බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇත්තේ ක්‍රියාත්මක තත්ත්වයේ යානා 10ක් බවත් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වල දැනට නිරත යානා 06 අලුත්වැඩියා කර සක්‍රීය තත්ත්වයේ පවත්වාගත යුතු බවත් නොඑසේ නම් අදාළ මෙහෙයුම් අවස්ථාව ලංකාවට අහිමි වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
2014 සිට මෙම මෙහෙයුම් සඳහා රු. මිලියන 22400ක් පමණ මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේ ය.
ඒ සඳහා දැනට පවතින යානා අලුත්වැඩියා කිරීම සඳහා නැවත කැඳවීමට උවමනා අලුත් යානා මෙලෙස ඇනවුම් කළ බව පවසන දුෂාන් ජයසිංහ අදාළ යුද උපකරණ ගිවිසුම යටතේ කොවිඩ් උපකරණ මිලයට ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ප්‍රකාශ කරයි.
කෙසේ වුව ද පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ මෙම ගුවන් යානා ගිවිසුම් වහා ම අහෝසි කර එම මුදල්වලින් කොවිඩ් එන්නත් දැඩි සත්කාර ඒකක ඇඳන් ආදිය ගෙන්විය යුතු බව ය.
යූටියුබ් නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.