වරාය පනත දවසක්වත් පමා කරන්න බෑ..! එතකොට රට සිංගප්පූරුවක් කරන වැඩේ පමා වෙනවා..!

May 3, 2021 at 7:29 am | by emanisa.lk

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම එක් දවසකින් හෝ කල්දැමීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අවධාරණය කරයි.

“මේකෙ ප්‍රධාන දේ තමයි අපට පුළුවන් තරම් ඉක්මනට මේ පනත ගෙනල්ලා අපට මේ වරාය නගරය ආරම්භ කරන එක. මේ වැඩසටහන දවසක් හරි පස්සට දාන්නෙ ඇයි

අපේ රටේ කොරෝනා තත්ත්වය යම් මට්ටමකට පාලනය වෙනකොට මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න ඕනෙ අපි. විශේෂයෙන්ම අපි මතක් කරනවා මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න තියෙන හැරවුම් ලක්ෂ්‍ය දෙයක් මෑත කාලයේ කතා කළා.

මේ වරාය නගර ව්‍යාපෘතිය හරහා මේ රට සිංගප්පූරුවක් බවට පත්වෙන එක මැලේසියාවක් බවට පත්වෙන එක නතර කරන්න බෑ.”

ජනක තිස්සකුට්ටිආරච්චි මේ බව පැවසුවේ ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *