ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිදහස් කළ සුනිල් රත්නායක රණ විරුවෙකු නොව මිනී මරුවෙකු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහු අහිංසක සිවිල් වැසියන් පිරිසක් ඝාතනයට හවුල් වූ බවත් ඔහුට මරණ දඬුවම ලබා දුන්නේ ඒ නිසා බවත් ෆීල්ඩ් මාර්ෂල් පෙන්වා දෙයි.
හමුදා නිලධාරියෙකු මෙවැනි බිහිසුණු ඝාතනයක් කළේ කෙසේ ද යන්න තමන්ට අදහාගත නොහැකි බවත් මන්ත්‍රීවරයා පවසයි.
සුනිල් රත්නායක මෙම ඝාතනයට සම්බන්ධ බව දිවි බේරාගත් දෙමළ වැසියෙකු විසින් පවසා ඇති බවත් සරත් ෆොන්සේකා සඳහන් කරයි.
එහෙයින් සුනිල් රත්නායක නිදහස් කර රණවිරුවන් නිදහස් කළේ යැයි ආඩම්බර විය නොහැකි බවත් ඝාතකයා ඝාතකයාම බවත් හෙතෙම අවධාරණය කරයි.