උත්සව සමයේ ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු පවසයි.
අප්‍රේල් අට වැනිදා සිට දහඅට වැනිදා දක්වා කාලය තුළ මෙම ආදායම උපයාගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කාලසීමාව තුළ වාහන දොලොස් ලක්ෂ තිස්හයදහස් දෙසීය අසූඅටක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ අප්‍රේල් 10 වැනිදා වන අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් එක්දහස් එකසීය අසූ හතකි.