වැසිකිළි අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන කහ පැහැති බවුසර් තුනකින් ගෙන ආ කිසියම් අපද්‍රව්‍යක් දියවන්නා ඔයට දමනු තමා දුටු බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අද (09) ඒ බව ප්‍රකාශ කළේ ය.
මේ සිද්ධිය වූයේ පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වුණු දිනයක බවත් තමා බොරුවක් කියන බව සිතන්නේ නම් ඒ දිනයට අදාළ සී.සී.ටී.වි. කැමරා දර්ශන පරීක්ෂා කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
චමින්ද විජේසිරි මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
එම මළ ප්‍රවාහන බවුසර් නතර කර තිබුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වාහන නතර කරන ස්ථානය අසල යැයි ද චමින්ද විජේසිරි පැවසුවේය.