දියවන්නා විදුලි මාෆියා හුටපටේ ඇවිළෙයි! ඩලස්ට පොහොට්ටුවෙන් ප්‍රහාරයක්!

September 9, 2020 at 4:24 pm | by emanisa.lk

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි විරෝධයක් මතුව ඇති බව වාර්තා වේ.

සැබෑ විදුලි මාෆියාව ඇත්තේ විදුලිබල අමාත්‍යංශයේ නොව පාර්ලිමේන්තුව ඇතුළේ බවට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පසුගියදා කළ ප්‍රකාශයක් මේ සඳහා හේතු වී ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (08) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් ප්‍රශ්න කර ඇත.

හිටපු විදුලිබල අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ද ඇමති ඩලස් අහප්පෙරුමගේ ප්‍රකාශය දැඩිව හෙළා දැක අදහස් පළ කොට ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මෙම මන්ත්‍රී කණ්ඩායම්  රැස්වීමට ඩලස් අලහප්පෙරුම සහභාගි වී සිට නැති බවද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *