අන්තර්ජාල පරිශීලකයින්ට සුපිරි අවුරුදු තෑග්ගක්….! අසීමිත අන්තර්ජාල පැකේජ් අවුරුද්දට පෙර……!

April 1, 2021 at 7:09 am | by emanisa.lk

සිංහල අලුත් අවුරුද්දට පෙර අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා දෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව දිවා රාත්‍රී වෙනසක් නොමැතිව අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි බව එම කොමිෂන් සභා ප්‍රකාශකයෙක් පැවැසීය. මෙම සැලසුම් යටතේ දැනට පවතින ගාස්තුවල කිසිදු වෙනසක් නොවන අතර දැනට පවතින ගාස්තුවලට සාපේක්ෂව අසීමිත පැකේජයන් සඳහා ද ගෙවිය යුතු වන බවත් හෙතෙම කීවේය.

අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙස පාරිභෝගිකයන්ගෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම පියවර ගැනෙන බව ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *