ආණ්ඩුව අප්‍රසාදයට ලක් වෙලා…! ආණ්ඩුවේ අය ම වියත්මග බනිනවා….! සමගියෙන් වැඩ නොකළොත් ඊළඟ ඡන්දේ ලේසි නෑ…..! – ගොඩහේවා…

March 29, 2021 at 10:55 am | by emanisa.lk

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ යම් යම් අප්‍රසාදයක් ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සඳහන් කරයි.

එය තේරුන් නොගන්නේ නම් ඉදිරියේදී තව තවත් පහළට වැටෙනු ඇති බව පවසන ඇමැති ගොඩහේවා ආණ්ඩුවේ කණ්ඩායම් තුළ සමගිය නැතිනම් ඊළඟ මැතිවරණය ලේසි වන්නේ නැතැයිද ඔහු කියා සිටියි.

බලයට ආවේ කෙසේදැයි අමතක කළහොත් ඊළඟ මැතිවරණය දිනන්න බැරි බව ද ඔහු පැවසීය.

අද තම කදවුරේ ම පිරිස් වියත්මගට බැණ වදින බවත් එය ඉතා කණගාටුදායක කරුණක් යයි ද රටේ සිදුවන සියලු දේවලට වියත්මගට චෝදනා නොකළ යුතු යැයි ඇමැතිවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගම්පහ ප්‍රදේශයේ දී පැවැති උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස