සජිත් තවම ඉන්නේ 3% බිමල්ලා එක්ක දේශපාලන හෝඩියේ….! ජිනීවා ඡන්දෙයි ජනාධිපතිවරණයයි සමාන කළ හැක්කේ දේශපාලන ළදරුවන්ට විතරයි…! – විපක්ෂ නායකට වාසුගෙන් නොසිතූ ප්‍රහාරයක්….

March 26, 2021 at 9:55 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඇත්තේ ද ජවිපෙ බිමල් රත්නායකට ඇති බුද්ධියම පමණක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ලංකාවේ මැතිවරණයක ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් සහ ජිනීවා ඡන්දය සමාන කළ නොහැකි බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

ජිනීවා යෝජනාවට ඡන්දය විමසූ අවස්ථාවේ සිය ඡන්දය භාවිත නොකළ රටවල් එම සභාවේ නැඟී සිට තමන් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා නොදෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව හෙතෙම පෙන්වා දෙයි.

එලෙස ඇමරිකානු යෝජනාවට පක්ෂ නොවූ රටවල ඡන්ද සහ ලංකාවේ ජනාධිපතිවරණයේ දී භාවිත නොවූ ඡන්ද කිසිසේත් සැසඳිය නොහැකි බව ඇමැතිවරයා පවසයි.

ලංකාවේ ඡන්ද භාවිත නොකළ පිරිස එලෙස ඡන්ද භාවිත නොකළේ ඇයිදැයි කියා නොමැති බවත් ජිනීවා යෝජනාවට පක්ෂ නොවූ රටවල් සිය අභිලාෂය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් සඳහන් කළ ඇමැති වාසුදේව අප විමසා බැලිය යුත්තේ එම රටවල චේතනාව බව ද සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගැනීම සම්බන්ධයෙන් සිටින්නේ හෝඩියේ පන්තියේ බව ද ඔහු වැඩි දුරටත් පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *