ජනපති ගෝඨාභයගේ අනුදැනුමින් වන විනාශයක් වන බව ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා….! – මහින්දානන්ද…

March 24, 2021 at 7:35 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත වන විනාශයක් සිදුවන බව ඔප්පු කළහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන විපක්ෂයේ දේශපාලකයින් ජනාධිපතිවරයා වන විනාශයක් කරන්නේ යැයි අසත්‍ය චෝදනා නඟන්නේ එම බොරු චෝදනා ලෝකයට විකුණා තවත් ඩොලර් උපයා ගැනීමට බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *