කැලේට ගිය රජයේ ඉඩම්වල කෙහෙල් වවල…! ගොවියෝ ලක්ෂ 35-40 හම්බ කරනවා…! මේක මහා වංචාවක් ප්‍රෝඩාවක් හොරකමක්…! හිමිනමකගෙන් ඇමැති විමලවීරට පැමිණිල්ලක්…

March 22, 2021 at 4:29 pm | by emanisa.lk

විශාල කැලෑවක් කපා කෙසෙල් වගාව සඳහා ලබා දී ඇතැයි පූජ්‍ය කළුතර පඤ්ඤාතිස්ස හිමි චෝදනා කරයි.

හම්බන්තොට පැවැති ජාත්‍යන්තර වනාන්තර දින වැඩසටහනට එකතු වෙමින් ඇමැති විමලවීර දිසානායක විසින් රට තුළ හැමදාම සිදු වූ වන විනාශය මේ වන විට අතිශයෝක්තියට නඟා ඇති බවට කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් එහිමියන් මේ අනාවරණය කළේ ය.

රජයේ ඉඩමක් වන මෙම කැලෑවෙහි අලි ද සිටි බවත් එම අලි 11 දෙනෙකු ගම්වැදි ගැමියන්ගේ වගා බිම් වනසන බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

මෙම ඉඩමෙහි වගා කටයුතු කරන පුද්ගලයා මුණ ගැසී තොරතුරු විමසා බැලුවොත් එය ඔහුට ලබා දුන් අය සොයාගත හැකි බව ද එහිමියෝ පවසති.

රජයේ ඉඩම්වල වගා කර ලක්ෂ 35-40 ලබා ගැනීම මහා වංචාවක් බවත් පඤ්ඤාතිස්ස හිමියෝ අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *