නලීන් බණ්ඩාර කෙහෙල් ගසට කොටයි….! බුද්ධි ප්‍රධානී සුරේෂ් සාලිගෙන් IDයට පැමිණිල්ලක්….!

March 19, 2021 at 4:34 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නලීන් බණ්ඩාර ඉකුත් 17 දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සහරාන් හසීම් හා තමා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශවලට එරෙහිව සුරේෂ් සලේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම ලිඛිත පැමිණිල්ල ඔහු ඊයේ (18) නීතීඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ අතර අද (19) ඒ සම්බන්ධයෙන් ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ද ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *