ශ්‍රී ලංකාවට අතපොවන්න ජාත්‍යන්තර අධිකරණයට බැහැ…! – බ්‍රිතාන්‍යය

March 14, 2021 at 9:37 am | by emanisa.lk

ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 කට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට ජාත්‍යන්තර අධිකරණයට නීතිමය බලයක් නැතැයි බ්‍රිතාන්‍ය රජය මුල්වරට හෙළි කර ඇත.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ සහායත් නැතැයි ද අග්නිදිග ආසියා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති අහමද් සාමිවරයා දක්වා තිබේ.

ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන ලෙස ජිනීවා යෝජනාවක් මගින් ඉල්ලා සිටියත් එය නිෂ්ඵල ක‍්‍රියාවක් බව හෙතෙම තවදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

එසේම ශ‍්‍රී ලංකාවේ කටයුතු සෙවීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කිරීමට ද අනවශ්‍ය බව අහමද් සාමිවරයා සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *