අගුණකොලපැලැස්ස බන්ධානාගාරයේ දී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම සිද්ධිය සම්බන්ධයෙන් වරද බාර ගත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායකට අද (11) සිට සති දෙකක කාලයක් අමුත්තන් බැලීම තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක කීය.
රංජන් රාමනායක එකී වරද සම්බන්ධයෙන් චෝදනා ප්ත්‍රයක් සම්බන්ධයෙන් අද දිනයේ බන්ධනාගාර විනය ශාලාවට ඉදිරිපත් කර ඇති අතර එහිදී රංජන් එකී වරද බාරගත් බව චන්දන ඒකනායක කියා සිටියේය.
එකී වරද බාර ගැනීම නිසා බන්ධනාගාර ආඥාපනයේ 70 වගන්තිය අනුව බන්ධනාගාර අධිකාරිවරයා ඔහුට අමුත්තන් බැලීම සති දෙකකට කාලයකට තහනම් කර ඇති බව ද චන්දන ඒකනායක කීය.
රංජන් රාමනායකට අමුත්තන් බැලීම සති 02කට තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අමුත්තෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට දඬුවම් වශයෙන් තහනම් කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයි සඳහන් කළේය.