කලා වැව් ඉස්මත්ත වාසභූමිය කරගත් හස්තියා හදිසියේ ම මරණයට පත්ව තිබේ.
දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත් මෙම දැවැන්ත හස්තියා රේවත නමින් හැඳින් වෙයි.
අනවසර විදුලි රැහැනක පැටලී මෙම ඇතා මරණයට පත්ව ඇත.
මෙම හස්තියා මරුමුවට පත් වන විට 45 වන වියෙහි පමණ පසු වූ බව වාර්තා වෙයි.