දෙමළ නායකයින්ට ඕන ආයෙමත් උතුරේ ත්‍රස්තවාදය ඇති කරන්න…! පළාත් සභාවට දුන් මුදලින් ජනතාවට වැඩ නොකර හරවා යැව්වේ ඒකයි…! – අරුණ් සිද්ධාර්තන්…

March 6, 2021 at 8:28 am | by emanisa.lk

චෙල්ලනායගම්ගේ සිට දෙමළ නායකයින් සිය නව ලිබරල්වාදී අදහස් හෝ ඉන්දියානු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දෙමළ ජනතාවගේ දුප්පත්කම ප්‍රාණ ඇපයට ගත් බව යාපනේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුණ් සිද්ධාර්තන් පවසයි.

1976 චෙල්ලනාගයම් වඩුකෝඩ්ඩේ දී දෙමළ ජනතාවට වෙන ම රටක් උවමනා බවත් ඒ සඳහා ආයුධ අතට ගත යුතු බවත් කීවේ එවැනි පටු අරමුණු මත පිහිටා බව ඔහු සඳහන් කරයි.

වර්තමාන දෙමළ සන්ධානය ද විග්නේශ්වරන්ලා ද පොන්නම්බලම්ලා ද මේ රටට ආදරේ පිරිසක් හෝ රටේ ජීවත් වූ පිරිසක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

ජනතාවට සේවය කිරීම සඳහා බලය ඉල්ලන මේ නායකයින් යාපනේ සිටින අවස්ථාවක් සොයා ගැනීම ද අපහසු බව ද අරුණ් පවසයි.

ස්වයං පාලනයක් ඉල්ලන මේ පිරිස පළාත් සභා ඔස්සේ ලබා දුන් බලය සහ අරමුදල් පවා යොදා ගෙන උතුරේ ජනතාවට සේවය නොකළ බවටත් එම මුදල් නැවත මධ්‍යම ආණ්ඩුවට හරවා යැවූ බවටත් ඔහු චෝදනා කරයි.

ත්‍රස්තවාදයෙහි පදනම දුප්පත්කම බව පවසන සිද්ධාර්තන් උතුරේ ජනතාව දුප්පත්කමේ තබා ගෙන සිටින්නේ නැවත ත්‍රස්තවාදය ඇති කිරීම සඳහා බවට අනතුරු ඇඟෙව්වේ ය.

රටේ ප්‍රශ්න බහුතර සිංහල ජනතාව සමඟ සාකච්ඡා නොකර එදා පටන් මේ රට සූරා ගෙන කෑ සුද්දාට කේළම් කීමට දෙමළ සන්ධානය කටයුතු කරන බව ද ප්‍රකාශ කරයි.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සංවිධානය කළ පාගමන අතරතුර රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස