ෂාහීඩා සියල්ල වමාරයි…! සහරාන්ගේ තවත් ගෝලයේ පිරිසක් නිදැල්ලේ…! නුදුරේ දී ම අත්අඩංගුවට…!

February 23, 2021 at 8:37 am | by emanisa.lk

මරාගෙන මැරෙන ප‍්‍රහාර සඳහා ප‍්‍රතිඥා ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකාවක බව කියන ඊබ‍්‍රාහීම් ෂාහීඩා නමැති තරුණියගෙන් ප‍්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇති තොරතුරු මත එම සංවිධානයේ තවත් ප‍්‍රබල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ත‍්‍රස්ත විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඊබ‍්‍රාහිම් ෂාහීිඩා රඳවා තබා ගැනීමේ නියෝගය මත රඳවාගෙන ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය ඇයගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන අතර තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය පිළිබඳව මෙන්ම එහි තවත් ක‍්‍රියාකාරී සාමාජිකයන් පිරිසක් පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඊබ‍්‍රාහිම් ෂාහීඩාගෙන් ප‍්‍රශ්න කිරීමේ දී තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට නායකත්වය ලබාදෙන නියෝග මත මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා තමා ඇතුළු මුස්ලිම් කාන්තාවන් පහළොස් දෙනෙකු දිවුරුම් ලබා දී තිබූ බවට කරනු ලැබු හෙලිදරව්ව මහත් ආන්දෝලනයට ලක් විය.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ මෙම තරුණියගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වන සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස