පාස්කු ප්රහාරයට සම්බන්ධ තිදෙනෙකුට ඇමරිකාව මේ වන විට නඩු පවරා ඇතැයි ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
පාස්කු ප්රහාරය සිදු වූයේ ලංකාවේ බවත් ඒ තිදෙනා ම දැනට සිටින්නේ ලංකාවේ අත්අඩංගුවේ බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
එහෙත් ලංකාවේ මෙතෙක් කිසිවෙකුට නඩු පවරා නොමැති බවත් ඒ පිළිබඳ තමා ලැජ්ජාවට පත්වන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.
ආණ්ඩුව පාස්කු ප්රහාරය පිළිබඳ කටයුතු අතපත ගාමින් සිටින බවත් මෙහි අරමුණ සාක්ෂි විනාශ කිරීම බවත් මන්ත්රීවරයා අනාවරණය කරයි.