යාපනේ පේදුරුතුඩුව ප්‍රදේශයේ හය මස් ගැබිනි මවක් සහ කුසේ සිටි බිලිඳාගේ ජීවිතය බේරා දෙමින් යාපනය ශික්ෂණ රෝහලේ සිංහල ජාතික වෛද්‍යවරයකු හා ඔහුගේ කාර්ය මණ්ඩලය තවත් වික්‍රමයක් පා තිබේ.
මාස හයක ගැබිනි කාන්තාව හදිසියේම අසනීප වී යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇගේ තත්ත්වය බරපතළ නිසා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කර එවා තිබේ.
ගැබිනි කාන්තාව ප්‍රසූත කළ බිලිඳා ග්‍රෑම් 600 කටත් වඩා අඩු බරකින් යුතු වූ අතර සති 24කට අඩු වයස් බිලිඳකු නිසා යාපන ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් නවරත්න ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි ප්‍රශ්නයකට මුහුණ දී තිබේ.
නමුත් ඔවුන්ගේ කැපවීම මත දරුවාත් මවත් බේරා දීමට හැකියාව ලැබී ඇත. යාපනයේ සියලු දෙනා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රසාදය පළ කර තිබේ.