අන්තවාදී සංවිධාන හතළිස් තුනක් තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
එම සංවිධාන අතරට සමස්ත ලංකා සලෆි කවුන්සලය, ශ්රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත් ඇතුළු සංවිධාන ගණනාවක්ම ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
බුද්ධි අංශ මගින් ලබා දී ඇති තොරතුරු සහ වාර්තා පදනම් කරගනිමින් මෙම තහනම් කිරීම් සිදු කිරීමට නියමිත ය.
එම සංවිධානය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂක අංශ සිය අවධානය යොමුකර ඇති අතර ඒ මඟින් සිදුවන අන්තවාදී ඉගැන්වීම් සහ පතුරුවා හරින මතවාද ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව බුද්ධි අංශ පෙන්වා දී තිබේ.