T-56 වර්ගයේ ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු ඊයේ (19) ගුවන් තොටුපළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු තහවුරු කළේ ය.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ උදෑසන 10.40 ට පමණ මෙම ජීව උණ්ඩ තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කිරීමේ දී එහි ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ.
මෙම සිදුවීම වන අවස්ථාව වන විට කටුනායක ගුවන් තොටුපළ තුළ පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.
මෙසේ පොලිස් අත්අඩංගුවට පත් මෙම පොලිස් නිලධාරියා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු මස 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.