මම ආණ්ඩුව දාලා යන්නේ නෑ….! ආණ්ඩුව මම දාලා යයි දන්නේ නෑ….! – විමල්….

February 19, 2021 at 5:10 pm | by emanisa.lk

තමන්ට උවමනා ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් මේ ආණ්ඩුව නීරෝගීව ඉදිරියට ගෙන යාම සිය අවශ්‍යතාව බව ඇමැති විමල් වීරවංශ පවසයි.

ආණ්ඩුවේ කුඩා පක්ෂ එකතු වී සාකච්ඡා කරන්නේ ද ජනාධිපතිතුමා අගමැතිතුමා මුණ ගැසී සාකච්ඡා කරන්නේ ද ඒ සඳහා බව ඇමැති විමල් පෙන්වා දෙයි.

තමන්ට පහර දෙන ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ තරහක් නොමැති බවත් ඔවුන් මෙහෙය වන පුද්ගලයා විසින් අසරණ කර ඇති බවත් විමල් වීරවංශ ප්‍රකාශ කළේ ය.

ආණ්ඩුව අතහැර තමා නොයන බවත් ආණ්ඩුව තමා අතහැර යා දැයි තමා නොදන්නා බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *