මම කොවීඩ් එන්නත ගන්නේ නෑ…! දේශපාලකයින් හැම එකක ම ප්‍රමුඛ විය යුතු නෑ….! – මහින්දානන්ද…

February 16, 2021 at 4:02 pm | by emanisa.lk

මේ අවස්ථාවේදී තමා කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

“මම තාම එන්නත ලබා ගත්තේ නෑ. මම හිතන්නේ අවදානම් ප්‍රදේශවල මිනිස්සුන්ට මුළින්ම මේක ලබාදෙන්න ඕනේ.

අපි දේශපාලකයින්. හැම එකම මුල් වියයුතු නෑ. අපිත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි වගේ කෙනෙකුට බෝ වුනොත් පැතිරීම වැඩියි.

නමුත් මම පෞද්ගලිකව හිතුවා මේ වෙලාවේ අවස්ථාව තව කෙනෙකුට දෙන එක හොඳයි කියලා. මම ගොඩක් වෙලාවට පරිස්සමෙන් කටයුතු කරනවා.”

අද (16) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *