තමුන් පාර්ලිමේන්තු ගියෙත් විමල් ලා අපි නිසයි…! ඉනිමඟට පයින් ගහන් සූදානම් වෙන්න එපා….! – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පොහොට්ටු ලේකම්ට දැඩි ප්‍රතිචාර….

February 10, 2021 at 5:10 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් ලේකම්වරයා ඇතුළු මන්ත්‍රිවරුන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ විමල් වීරවංශ ඇතුළු ජාතික බලවේග සිදුකළ කැපකිරීම් නිසා බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

“පොදු සංවිධානයක ගොඩනගන්න ඕනේ කියන යෝජනාව ඇති වුණේ අභයාරාමයෙන්. ළමයා ඉපදුනායින් පස්සේ, නමක් දැම්මේ. මං හිතනවා විමල් වීරවංශ මහතා ඇතුළු 4-5ක් එකතුවෙලා පළවෙනියෙන් ම සාකච්ඡාවක් තිබ්බා නුගේගොඩ “මහින්ද සුළඟ” කියලා.

මහින්ද සුළඟ ආරම්භ කරල මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරල අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න ශක්තිය ලබාදීලා ජනතාව දැනුම්වත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා “අත දාන්න විමල් වීරවංශට අයිතියක් නෑ.” කියලා.

මම එතුමාගෙන් අහන්න කැමතියි කවුද මේකට අතදානවට කැමති එක්කෙනා කියලා. අද ඔබට මෙහෙම පාර්ලිමේන්තු ගිහින් කතා කරන්න ශක්තියක් ලබා දුන්නේ මහින්ද සුළඟත්, පැවිදි හඬත් කියන එක අමතක කරන්න එපා.

විමල් වීරවංශ මහතා වැනි අයට එරෙහිව මෙවැනි සදාචාරාත්මක නොවන ප්‍රකාශ නිකුත් කරනවා නම් අපිට සිද්ධවෙනවා ඒවට විරුද්ධ වෙන්න.”

අද (10) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවක දී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස